අපි ගැන

LB ෆිනෑන්ස් හි මූලාරම්භය 1971 මැයි මාසයේදී පුද්ගලික සීමිත වගකීම් සමාගමක් ලෙස සංස්ථාගත කිරීමෙන් ආරම්භ වන ලදීග 1982 දී, එය පොදු සීමිත වගකීම් සමාගමක් බවට පරිවර්තනය කරන ලද අතර 1977 දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරන ලදී. 2007 අංක 07 දරණ නව සමාගම් පනත යටතේ 2008 ජුනි මාසයේදී නැවත ලියාපදිංචි කරන ලදී. සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලූවිස් බ‍්‍රවුන් ඇන්ඞ් කොම්පැනි ලිමිටඞ් සතු වුවද වනික්් ඉන්කෝපරේෂන් ලිමිටඞ් 1994 දී සමාගමේ පාලන බලය අත්පත් කර ගන්නා ලදී.

වර්තමානයේ LB Finance PLC ආයතනයල Vallibel One PLC හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය මූල්‍ය, ඇලූමිනියම්, වැවිලි, ආගන්තුක සත්කාර , පාරිභෝගික සහ ආයෝජන වැනි ප‍්‍රධාන කර්මාන්ත හතක් හරහා වේගයෙන් වර්ධනය වෙමින් පවතීග අපගේ විවිධ පාර්ශ්වකරුවන්ට දැන් සහ අනාගතයේදී ඉමහත් වටිනාකමක් ලබා දීම සඳහා LB ෆිනෑන්ස් එ්කාබද්ධ වී සහ ජවසම්පන්න වී ඇත. ශක්තිමත් මූල්‍ය පසුබිමක් සහ ක්ෂේත‍්‍රයේ වසර 50කට වැඩි අත්දැකීම් වලින් සවිමත්, LB Finance විසින් ඔබට පරිපූර්ණ සේවාවක් පිරිනමයි LB Finance ආයතනික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පුද්ගලයන් විසින් එකසේ විශ්වාස කරනු ලබයි . අපගේ නව්‍ය මූල්‍ය විසඳුම් ශාඛා 190 කට වඩා වැඩි ප‍්‍රමාණයක් හරහා පිරිනමනු ලැබේ. අපගේ ශාඛා ජාලය පුළුල් කරමින්, " LB Finance මියන්මාරයේ ද ක‍්‍රියාත්මක වේ. අපි ඔවුන්ව මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමට සහ ඔවුන්ගේ සිහිනවලට පියාපත් ලබාදීම සඳහා Bago සහ Magway කලාපවල ශාඛා 12ක් ස්ථාපිත කර තිබේ. අපගෙ සේවාවන් අපගේ ප‍්‍රධාන ව්‍යාපාර 3 වන ආයෝජන, මූල්‍යකරණය, අගය එකතු කළ සේවාවන් හරහා පිරිනමනු ලැබේග අපගේ ප‍්‍රජාවන්ට සදාචාරාත්මකව හා තිරසරත්වයෙන් සේවය කිරීම අප කරන සෑම දෙයකම අරමුණ වන බැවින් අපගේ සියලූම සේවාවන් සියලූම නියාමන මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කෙරේ.

LB Finance buidling

දැක්ම

අපගේ සමාගමේ වර්ධනයට දායකත්වය සපයන හවුල්කාරිත්වයන් තුළින් අපගේ තැන්පත්කරුවන්, ගනුදෙනුකරුවන්, සේවකයින් සහ සාමාන්‍ය ජනතාව අත්විඳින ජීවන තත්ත්වයට යහපත් ලෙස දායක වීම සහ කෙටි කාලීන හා දිගු කාලීන කොටස් හිමියන්ගේ වටිනාකම් ඇති කිරීම.

මෙහෙයුම

  • අපගේ තැන්පතුකරුවන් වෙත ලබා දෙන වටිනාකම ඉහළ නංවන ආයෝජන නිෂ්පාදන නව්‍යකරණය කිරීමෙන් මහජන අරමුදල් බලමුලූ ගැන්වීම.
  • ධනය උත්පාදනය කිරීමේදී ඔවුන්ට සහය වීම සඳහා ව්‍යවසායකයින්ට ¥රදර්ශී ලෙස ණය දීමේ නිරත වීම.
  • ප‍්‍රතිඵල පැහැදිලිව තක්සේරු කර වෙළඳපොලේ නව අවස්ථා අත්පත් කර ගත හැකි ආයෝජනයන් ආරම්භ කිරීම.
  • අපගේ පාර්ශ්වකරුවන්, සේවකයින් සහ සාමාන්‍ය ජනතාව සමඟ කල්පවත්නා හවුල්කාරිත්වයක් වර්ධනය කර ගැනීම සඳහා පදනම සකස් කරන සැලකිලිමත් සහ පුද්ගලාරෝපිත සේවාවක් පිරිනැමීම.
  • සමාගම ඉහළ මට්ටමේ ජයග‍්‍රහණ කරා ගෙන යන බලසම්පන්න සහ කැපවූ සේවක පිරිසක් නිර්මාණය කිරීම සඳහා පුහුණුව සහ වෘත්තීය සංවර්ධනය භාවිතා කිරීම.

වටිනාකම්

Excellence

Excellence

Ethics

Ethics

Professionalism

Professionalism

Transparency

Transparency

Innovation

Innovation

Quality

Quality